2026 ජූලි මස 13 වන දින වග ශ්‍රී රතනසාර මහා විද්‍යාලයීය ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන සුවිශේෂී දිනයක් බවට පත් විය. ඒ අප පාසලේ ආදරණීය විදුහල්පතිතුමා වන යූ.සී.චමින්ද අමරසිංහ මහතා සිය සේවා කාලය නිම කර වෙනත් පාසලකට මාරු වී යන එතුමාගේ අවසන් සේවා දිනය වීම මෙන්ම, පාසල ඩිජිටල් යුගය කරා ගෙන යන දැවැන්තම පියවර අද දින සනිටුහන් වීමයි.

එතුමාගේ දූරදර්ශී නායකත්වයට උපහාරයක් ලෙසත්, පාසලේ ඉදිරි ගමන්මඟට සවිමත් අඩිතාලමක් ලෙසත් විද්‍යාලයීය නිල වෙබ් අඩවිය (wrmv.lk) සහ නවීන ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය (lms.wrmv.lk) අද දින නිල වශයෙන් අන්තර්ජාලයට මුදා හැරිණි. මේ සඳහා එතුමන්ගේ දැක්මක් ලෙස ආරම්භ වූ RMV ICT TEAM මගින් සියලුම නිර්මාණ සහ සංවර්ධන කටයුතු සිදු කරන ලදී.

නව වෙබ් අඩවිය හරහා පාසලේ සියලුම තොරතුරු, ඉදිරි වැඩසටහන්, සහ දරුවන්ගේ දක්ෂතා ලොව පුරා ගෙන යාමට මින් ඉදිරියට හැකිවනු ඇත. එමෙන්ම, නව LMS පද්ධතිය ඔස්සේ නවීන තාක්ෂණය භාවිත කරමින් දරුවන්ට තම අධ්‍යාපන කටයුතු වඩාත් කාර්යක්ෂමව හා අඛණ්ඩව කරගෙන යාමට අවස්ථාව උදා වේ. මෙය හුදෙක් තාක්ෂණික පියවරක් පමණක් නොව, “ගුණවත් මෙන්ම නැණවත්”, ඕනෑම අභියෝගයක් භාරගැනීමට සූදානම් “සවිමත් පුරවැසියෙකු” සමාජයට දායාද කිරීමේ අපගේ අරමුණ තවදුරටත් ශක්තිමත් කරන්නකි.

මෙතෙක් කල් පාසලට ලබාදුන් අගනා නායකත්වයටත්, පීතෘත්වයටත් ආදරණීය විදුහල්පතිතුමාට ගෞරවපූර්වක ස්තූතිය පුදකරන අතරම, එතුමාගේ ඉදිරි ගමන්මඟට වග ශ්‍රී රතනසාර මහා විද්‍යාලයීය ආදි සිසුන්, ගුරු මණ්ඩලය, සහ සිසු දරු දැරියන්ගේ උණුසුම් සුබපැතුම් මෙසේ එක් කරමු.

වග ශ්‍රී රතනසාර මහා විද්‍යාලයේ ඩිජිටල් අනාගතය අදින් ආරම්භ වන වගයි…….!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *