බස්නාහිර පළාත් සභාව සහ ක්‍රීඩා අමාත්‍යාංශය ඒකාබද්ධව අති උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබූ 50 වන ජාතික මහා ක්‍රීඩා උළෙල 2026 (කොළඹ දිස්ත්‍රික්කය) හිදී, වග ශ්‍රී රතනසාර මහා විද්‍යාලය අභිමානවත් ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත්ව ඇත.
මෙම ක්‍රීඩා උළෙලේ වයස අවුරුදු 16න් පහළ උස පැනීමේ තරගය සඳහා පාසල නියෝජනය කරමින් ඉදිරිපත් වූ දක්ෂ ක්‍රීඩක එම්.ජී.ඩී.ඕ.යූ.මානියංගම දැඩි තරගකාරී වාතාවරණයක් මධ්‍යයේ දස්කම් දක්වමින් තරගයේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.



ජයග්‍රහණය පසුපස ඇති කැපවීම:
මෙම අපූරු ජයග්‍රහණය පිටුපස ඇත්තේ දැඩි වෙහෙස මහන්සි වීමකි. ක්‍රීඩකයාගේ දක්ෂතා ඔප්නංවමින්, ඔහුට අවශ්‍ය මගපෙන්වීම ලබා දෙමින් මෙම ජයග්‍රහණය සඳහා උරදුන්නේ විද්‍යාලයේ ශිෂ්‍ය භට පුහුණු උපදේශක සහ ක්‍රීඩා පුහුණු උපදේශක ක්‍රිෂාන් මෙලන් ප්‍රනාන්දු මහතා සහ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන ගුරු ඩබ්.ආර්.උදයංග මහතා ය. පුහුණුකරුවන් ලෙස ඔවුන් විසින් සිදු කරන ලද අඛණ්ඩ කැපවීම සහ වෙහෙස මෙම විශිෂ්ට ජයග්‍රහණය ළඟා කර ගැනීමට ප්‍රධාන වශයෙන්ම හේතු විය.
පාසලටත්, කොළඹ දිස්ත්‍රික්කයටත් කීර්තියක් ගෙන දුන් එම්.ජී.ඩී.ඕ.යූ.මානියංගම ක්‍රීඩකයාට සහ අප්‍රතිහත ධෛර්යයකින් යුතුව ඔහු මෙහෙය වූ ක්‍රිෂාන් මෙලන් ප්‍රනාන්දු පුහුණුකරුතුමාට සහ ඩබ්.ආර්.උදයංග ගුරු මහතාට අපගේ හෘදයාංගම සුබපැතුම්! ඉදිරි ජාතික හා අන්තර්ජාතික මට්ටමේ තරගවලදී මීටත් වඩා ඉහළ ජයග්‍රහණ අත්කර ගැනීමට ඔවුනට ශක්තිය හා ධෛර්යය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු!


Leave a Reply