සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන අංශයේ ප්‍රතිපාදන මත, පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන ලද “ශිෂ්‍යත්ව පෙරහුරු වැඩසටහන 2026” වග ශ්‍රී රතනසාර මහා විද්‍යාලීය පරිශ්‍රයේදී ඉතා සාර්ථක අයුරින් පැවැත්වී ඇත.
විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ශිෂ්‍යත්ව විභාග ඉලක්ක කරගනිමින්, ඔවුන්ගේ දැනුම මුවහත් කිරීම සහ විභාගයට මුහුණ දීමේ සූදානම වර්ධනය කිරීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

සම්පත් දායකත්වය සහ මෙහෙයවීම:
මෙම අගනා අධ්‍යාපනික වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සිය දායකත්වය ලබා දෙමින් එය මෙහෙයවන ලද්දේ,
- ටී.ඒ.එම්.සී.ජයනන්දන මහත්මිය (සමාජ සංවර්ධන සහකාර නිලධාරී)
- කේ.ඉෂන්කා මුතුමාලි මහත්මිය (සංවර්ධන නිලධාරී)
යන මහත්මීන් විසිනි. ඔවුන් විසින් දූදරුවන්ට විභාග ගැටලු විසඳන ආකාරය මෙන්ම කාලය කළමනාකරණය කරගන්නා ආකාරය පිළිබඳව ඉතා වැදගත් මගපෙන්වීම් ලබා දෙන ලදී.
එමෙන්ම වැඩසටහන සාර්ථකව සිදු කරගැනීම සඳහා සියලු සහය ලබා දුන් විදුහල්පතිතුමිය, 5 ශ්‍රේණිය ගුරු මහත්ම මහත්මීන් වන ඩි.එන්.එන්.නාවුල්ලගේ මහතා සහ කේ.එච් නාලනී මහත්මිය යන අයටද අපගේ ගෞරවනීය ස්තුතිය පුදකර සිටිමු.
පාසලේ දූදරුවන්ගේ අනාගත අධ්‍යාපන සාර්ථකත්වය වෙනුවෙන් මෙම වටිනා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට මූලික වූ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත්, ඒ සඳහා කැපවීමෙන් කටයුතු කළ සම්පත් දායක නිලධාරී මහත්මීන්ටත් අපගේ විශේෂ ස්තූතිය හා ප්‍රණාමය පුද කරමු!

Leave a Reply